1.කතාව
නාගරික පරිසරය හා මුසුවූ මෙකී කතාවේ අවසානයේ නොහිතන අයුරින් කදුලක් උනන අපූරු කතාවකි. පිටකොටුවේ මුට්ට කරගහන මනුස්සයෙකුගේ දවස ගෙවන ආකාරයත් ඔහුගේ ජීවිතයේ නොයෙකුත් හැලහැප්පීම් පිළිබඳවත් මෙකී කතාවේ අන්තර්ගත වී ඇත. දවස මුලුල්ලේ කෙතරම් වෙහෙස් මහන්සි වී වැඩකල ද ඉතා ඉක්මනින් තම සිගිති දියණියගේ මුහුණ බැලීමේ ආසාවෙන් නිවාස කරා දිවයන ආදරණීය පියෙකුගේ ක්‍රියාකලාපය මෙම කතාවට ඇතුලත් වී ඇත.
2.සමාජ පසුබිම
ඉතාමත් දුක්ඛ්ත ජීවිතයක් ගත කරන දරිද්‍රතාවයේ පහළට ම වැටී සිටින නිර්ධන පාංතික සමාජ ව්‍යුහය.
3.චරිත
සෝමපාල (දියණියගේ පියා), යසවති (බිරිඳ ), භාග්‍යා (දියණිය ), චන්ද්‍රසේන (මුදලාලි), පාල(වැඩකරන තවත් පුද්ගලයෙක්), ශශිනි රාජසිංහ (දියණියගේ යහළුවෙකි), යමුනා (ගුරුතුමිය)
4.ප්‍රකාශිත වහුය
අග: හදිසි අනතුරකින් පියා මිය යාම
මැද:දියණියගේ අධයාපනයේ සාර්ථකත්වය බලමින් පියා සතුටට, සැනසීමට පත්වීම
මුල:පිටකොටුවේ මුට්ට කර ගසමින් අනේකවිධ දුක් විදිනා පියාගේ ක්‍රියාකලාපය
5.නවෝත්පාදන ශක්‍යතාව
සජීවී දෙබස් නව්‍යත්වයෙන් යොදා ගනී.
6.භාෂා උපක්‍රම
වීදිවල භාවිතා වන වචන පරිහරණය කිරීම , ඉංග්‍රීසි භාෂාව අවස්ථාවට උචිත ලෙස හැසිරවීම, පරිච්ඡේද වෙන් කිරීම
7.දෙබස් වල විශේෂතා
දෙබස් මගින් සංවාදාත්මක බව ඇති කර නවකතාවේ සජීවී බව ඇති කිරීම
8.නිර්මාණාත්මක බව
පරිසර වර්ණනා මගින් අවස්ථා හා සිද්ධි කෙරෙහි සුවිශේෂ බලපෑමක් ඇති කිරීම, විවිධ සංකේත යොදා ගැනීම
9.ඉවසීමේ ගුණය ප්‍රගුණ කිරීමේ දී ගත යුතු පියවර
එක දිගට කතව ලිවීමෙන් වැළකීම, සැහැල්ලුවෙන් ලිවීම සදහා සිදුවීම් පෙළගැස්සීම.
10.ලිවීමේ අපහසුතා මග හැරීමට ගන්නා ක්‍රියාමාර්ග
සංගීතයට සවන් දීම, අවට පරිසරයේ අත්දැකීම්, නෙත ගැටෙන සිදුවීම් ඇසුරෙන් කතාව ගොඩනැගීම.
- පී.එච්.තිසරි චානිකා -