Aug 1, 2021

මං ආසම නිදා ගන්න...😊😊

 


බැහැ යදමින් සිර කරන්න

සීමා මායිම් බදින්න

හිත ඉල්ලන සතුට ගන්න

මං ආසම නිදා ගන්න... 


සැබෑ ලොවක අරුමැසි රඟ

හිත නිතරම පාරන විට

දෑස පියා හිත රිසි ලෙස

හීන ලොවට පියාඹන්න.... 


හැම ලෙස දස්කම් මවන්න

සිහිනෙන් වීරයෙකු වෙන්න

දස අත පියඹා සරන්න

මං ආසම නිදා ගන්න...



No comments:

Post a Comment