Aug 8, 2021

යමු යමු මඩොල්දූව බලන්න යමු...



මඩොල් දූව කිව්වම ගොඩාක් අය අර අපි කියවපු පොතේ තිබුන මඩොල් දූව හොයන්නේ. උපාලි ලා ජින්නලා දකපු මඩොල් දූව ගැන මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා අපිට නිර්මාණශීලිව කිව්වා. හැබැයි අද වෙනකොට මේ මඩොල් දූවේ පාළු ලිදක්, සෙක්කු ගලක් සහ ළදු කැගේ අඩි පාරවල්  ටිකක් තියෙනව.මඩොල් දූවේ චාරිකාවක් යන අයට මඩොල් දූවේ අත්දැකීම විඳින ගමන් තව දූපත් 4ක් දකින්න පුලුවන්. ඒකෙන් එකක් තමයි කුරුදු දූව . මේ දූපතේ ඉන්නේ කුරුඳු වගා කරන පවුල් කීපයක් ත මීට අවුරුදු 100 කට විතර පරණ කුරුඳු ගස මෙහෙදි දකින්න පුලුවන්. අනික් දූව ආරණ්‍ය දූව. මේ දූපතේ ආරණ්‍යවාසී භික්ෂූන්  භාවනා කරමින් ඉන්නේ. උන්වහන්සේලාට බාධාවක් නොවෙන විදිහට මේ දූපත  බලන්න පුළුවන්. මේ ගමනෙදි දකින්න පුළුවන් අනික් දූපත කුරුළු දූව. මේ දූවේ කුරුල්ලන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි ඒ දූපත ගොඩ බහින්න නම් අවසර නෑ. දුර ඉඳන් කුරුල්ලන් බලන්න පුළුවන් උදේ කාලේ ගියොත්. අනික් දූව තමයි ගල් දූව. ගල්දූව කියන්නේ ගල් වලින් වටවෙච්ච දූපතක්. මේ දූපතට ටිකක් දුරන්  බෝට්ටුව නවත්තලා අර ගල් උඩ නැගලා පිංතූර හෙම ගන්න පුලුවන්. 

 


මඩොල් දූවේ යනවා නම් හොඳ බෝට්ටු කරුවෙකුගේ සහය අනිවාර්යයයෙන්ම ඕන වෙනවා. කොක්ගල ඔය ආසන්නයේ එහෙම බෝට්ටු සේවා සපයන ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් කෙනෙක් තෝරාගෙන මේ සංචාරයෙ යන්න පුළුවන් රටේ තත්වය සාමාන්‍ය වුනාම.

No comments:

Post a Comment