Aug 5, 2021

නෙත් වසග කරන ගාලුපුරේ අභිමානය...



 ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ ගාලු නගරයට පෙනෙන මානයේ  ගිනිකොණ මුහුදු තීරයට වන්නට මෙය පිහිටා  ඇත . එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූ බල කොටුවකි.පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී.


ගාල්ල ලෝක උරුම නගරයකි. වර්ග සැතපුම් 6.5 ක පමණ භූමි භාගයක් පුරා පැතිර ඇති ගාලු නගරය පුරාණයේ සිට වෙළඳ නගරයක් ලෙස ප්‍රසිද්ධ වූවකි. ගාලු වරාය පෙරදිග දියුණු වරායක් මෙන් ම වෙළඳ මධ්‍යස්ථානයක් ද විය. ක්‍රි.ව. 1505 දී අහම්බෙන් ගාලු වරායට ගොඩබට පෘතුගීසි සෙන්පති ලොරෙන්සෝ ද අල්මේදා ගේ ආගමනයත් සමග ගාල්ලේ  ඉතිහාසය ඇරඹෙයි.


දිය අගලක් මත වූ උස් පහත් කළ හැකි පාලමකින් එගොඩවී ඇතුළුවීමට තිබූ ප‍්‍රධාන දොරටුව අදට ද කොටු පවුරේ දැකිය හැකයි. එකළ භාවිතා කළ දොර පියන් දෙක අදත් භාවිතයේ පවතී. එම දොරටුවේ ඇතුළු පැත්තේ  ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ ලාංඡනය සටහන් කැර ඇති අතර දොරටුව ඉදිරිපස බි‍්‍රතාන්‍ය රාජකීය ලාංඡනය කොටා ඇත. බි‍්‍රතාන්‍යයන් මෙම බළකොටුව අත්පත් කරගෙන ඇත්තේ 1795 දී ගිවිසුමක් මගිනි.


පෘතුගීසි හා ලන්දේසි යුගයන්හි ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම පාලන මධ්‍යස්ථානය වූ ගාල්ල කොටුව නගරයක තිබිය යුතු සියළු ලක්ෂණයන්ගෙන් සමන්විත වී ඇත.කොටුවේ ඇති විශාලතම ගොඩනැගිල්ල ලන්දේසි බඩු ගබඩාවයි.


ගාලූ කොටුවට අලංකාරයක් වූ ඔරලෝසු කණුව ඉදිකර ඇත්තේ ප‍්‍රකට සමාජ සේවකයකු මෙන්ම ගාල්ල නගර සභාවේ ප‍්‍රථම සභිකයා වූ පීටර් ඩැනියෙල් අන්තෝනිස් මහතා සිහිවීම පිණිස 1983 දී මහජන ආධාරයෙනි.


කොටුවේ ඇති උසම ගොඩනැගිල්ල වන්නේ අමාන් ගාල්ල නැමැති හෝටලයයි. මෑතක් වනතුරුම නිව් ඔරියන්ටල් හෝටලය නමින් හැඳින්වූ එය ඉදිකරන ලද්දේ 1684 දී දැවමය මහල් 12 කින් යුතුවය. ගරා වැටෙමින් පවතින  ඕලන්ද පරිපාලක ගොඩනැගිල්ලත් ඒ ආසන්නයේම ඇති ආසියාවේ පැරණිතම පුස්තකාලය ලෙස සැළකෙන කොටුව පුස්තකාලයත් තවත් සුවිශේෂී ස්ථානයන් වේ.


ගාළු කොටුවේ කෞතුකාගාර 3ක් පිහිටා තිබෙනවා.

1 ජාතික සමුද්‍ර කෞතුකාගාරය

2 සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය 

3 ගාල්ල ජාතික කෞතුකාගාරය


අතීතයේ සිටම  රජයේ කාර්‍යාල විශාල ප්‍රමානයක් මෙම කොටුව තුල පිහිටා තුබුනි. කාලයත් සමග සන්වර්දන කටයුතු නිසා ඒවා කොටු පවුර තුළින් ඉවත් වෙමින් පවතී.

No comments:

Post a Comment