බහුජාතික සමාගමක් යනු ධනවාදී රාමුවක් තුල ධනේශ්වර රටවල් කේන්ද්‍ර කොටගෙන ලොව පුර අන්තර් දේශසිමා හරහා භාණ්ඩ නිෂ්පාදනය,වෙළදාම පිලිබදව කටයුතු කරන ව්‍යාපාරික ආයතන වේ.මේවා USA, UK, ප්‍රංශය, ජර්මනිය,ජපානය වැනි රටවල් කේන්ද්‍ර කොටගෙන බිහිවී ඇත. මෙම සමාගම් පෞද්ගලික ඒවාය.
ප්රමුඛ බහුජාතික සමාගම්
Microsoft , General (GM), IBM , British Petroleum , Monsanto , Unilever, Ford Motor , Shell , Mobile, Exxon , Coca-Cola , Philips
මෙම සමාගම් වල ඩොලර් මිලියන ගණනින් ධනයක් ඇත. එමෙන්ම ලොව පුර ශාඛා දහස් ගණනක් ඇත.
මේ වනවිට ලොව බහුජාතික සමාගම් හා බැදුණු ආයතන ලක්ෂ 2.5 ක් පමණ ඇත.
බහුජාතික සමාගම් තුන්වන ලෝකයේ රටවලට රැකියා සැපයීම, සේවා සැපයීම සදහා යන අරමුණින්ම යනුවෙන් එම රටවල ආයෝජනය කොට සුරාකෑම සිදු කෙරේ.
මේවනවිටත් ලෝක වෙළඳමෙන් තුනෙන් දෙකක් මොවුන් සතුය.
බහුජාතික සමාගම්වල ව්‍යාප්තිය ...
ලොව බහුජාතික සමාගම් වලින් 90% කට වැඩිය USA, UK ,ප්‍රංශය, නෙදර්ලන්තය , ස්වීඩනය, ජර්මනිය,ජපානය හිමිකරගෙන ඇත.
බහුජාතික සමාගම්වල අවාසිය
*මෙම සමාගම් සංවර්ධනය වන රටවල ආයෝජනයට පෙලබෙන විට එම රටවල් විශාල කැමැත්තක් දක්වයි. නිදසුනක් ලෙස ඇමරිකානු ෆෝඩ් මෝටස් ලංකාවේ ආයෝජනය කරන බව ප්‍රකාශ කල පමණින් රජය ප්‍රචාරණය අරඹන්නේය.නමුත් මොහුන්ගේ ආයෝජනවලට රජය අඩු මුදලට ඉඩම්, යටිතල පහසුකම්, බදු විරාම , විවිද බදු සහන ලබාදෙනු ලැබේ. මෙයින් රටට අපේක්ෂිත අදායම නොලැබේ.
*මෙම දැවැන්තයින් සතු මුල්‍ය ශක්තිය හමුවේ දේශීය ආයෝජකයින්ට ප්‍රචාරණ තරගයේ යෙදිය නොහැක. නිදසුනක් ලෙස ලංකාවේ යුනිලිවර්ස් බහුජාතික සමාගමකි. ඔවුන් සිලෝන්ට,සන්ලයිට්, වීම් ,ලක්ස් අඩියට කරන ප්‍රචාරණය වෙනත් කිසිම සමාගමකට කල නොහැක.
*දේශීය ව්‍යාපාරික ආයතන වැසි යාම තවත් තර්ජනයකි.
*මොවුන් ස්ථාවර වූ විට දියුණු රටවල රජයට ද විවිද බලපෑම් කෙරේ.
මොවුන්ගේ එකම අරමුණ ලබා ඉපයීම පමණක් බැවින් දිලිදී රටවල අයෝජනයකොට අඩු මිල ශ්‍රමය තුලින් ශ්‍රම සුරා ගැනීම සිදුවේ.
කෘෂිකර්මය කරන බලපෑම්
*කෘෂිකාර්මික බිජ බොහෝ කෘෂි බිජ න්ශිපාදනය පර්යේෂණ බහුලව මෙම සමාගම් මගින් සිදු කරයි. ඩ්‍යුපොන්ට් සමාගම එවැන්නකි.
*කෘෂි රසායන වල නාශක ,දිලිර නාශක ,කෘෂි නාශක වෙනත් පලිබෝදනාශක අඩිය නිෂ්පාදනය කරමින් දැවැන්ත ප්‍රචාරණයක් ලබා දේ.බෙයාර් හා ඩ්‍යුපොන්ට් සමාගම් නිදසුන්වේ .
*ධාන්‍ය හා කුළුබඩු වෙළදාම ලොව ප්‍රධානතම තැනක් ධාන්‍ය වලට හිමිවේ. කාගිල්ස් ,කල්ජින් , සිබගෙයින් සමාගම් ප්‍රචලිතය.
*කිරි හා කිරි නිෂ්පාදනය චීස්,බටර් ,ක්‍රීම් වෙළදාම ලාභ උපදවන්නකි.යුරෝපය පුර ශාඛා ජාලයක් පිහිටුවා ඇති නෙස්ලේ සමාගම ලංකාව වැනි කුඩා රටවල ද මෙම අදිපත්‍ය ගොඩනගා ගෙන ඇත.
මොවුන් සිය අදිපත්‍ය පිහිටුවා ගන්නේ ක්‍රීඩාවට මුදල් යෙදීම රජයේ ඇතැම් දෑ සදහා මුදල් යෙදීම ආදිය මගිනි. මේ නිසා මේවා මෙම රටවල්වල කප්රුකක් තරම්ය. නමුත් එහි නොපෙනෙන ඒකාධිකාරය, සුරා කෑම දැනෙන්නේ නැත.
No comments:
Post a Comment