විශ්වාසය නොමද වූ කල
වාසනාවේ බල මහිමය
හරිමග පියනැගීමට
යහපත සලසන්නේය
මාල හතින් ගෙල සරසා
රන් හුයකින් අතැගිලි බැද
පෝරු මතින් රන් පලසින්
කැන්දා ආ මනාලියේ
හත් පරපුරේ නෑදෑයින්
ලබා දුන්නේ මහ ඉහළින්
දිවිමං පෙත සරසවන්න
ඔවදන් පෙළ හරසරයින්
කැන්දා ගිය දිනයේ සිට
සිදු වූයේ බත් පිහින්න
රන් හුයකින් බැදි අතැගිලි
වූයේ කළු දුමාරයෙන්
කුලගෙයි ඇති අමිහිරි බව
වැටහුනෙ ගිය දිනයේ සිට
බැල මෙහෙවරකම් කෙරුවේ
අදර සැමිය හට සැමවිට
මිහිරි වදන් ඇසුවේ ඈ
පෝරු මතින් බසින විටදි
එතැන් පටන් ඇසුවේ ඈ
සිත් බිදිනා වදන් පෙළකි
නොපැතුවේ සිටු මැදුරු විසල්
මුවගේ හසරැල් පමණක්
ලැබුන විටදි දිවි මං තුළ
රැජිණකි ඇය පුංචි පැලේ.....
No comments:
Post a Comment