Jul 31, 2021

හිත මිතුරු පොත...❤️




කදුල සිනහව

දරා ගැනුමට...

සිතේ ලතැවුල් 

බෙදා ගැනුමට... 

සිතක් නැතිමුත්

මගේ ළග හිද...

නුඹයි මගෙ සිත

හැදුවෙ නිතරම.. 

හුදකලා මා

නොකර තනිකර..

නෑ නෑ මට පිස්සු...




ගහ කොලත් හිස් අහස දුටුවම 

කතා කරනවා යැයි සිතන්..

උදයෙ එබෙනා හිරුට හෙමිහිට 

සුබ පැතුවෙ මං කොදුරමින්....

තරුණ කාලෙට පැමිණ ඇතිමුත්

තවම මට මං අමතමින්...

පිස්සුවක් නොව සොබාදම් මව

හොදයි නොවෙනස් නිසාවෙන්...

 


නිලබර උසට ඇත අප සිහිනයන් දැක.

උන් ළඟ අධම මනුසත්කම් එමට ඇත.

දහසක් දනෝ නෙතු රවටා වසග කර.

උන් අප සිහින වලලනවා ජැටියෙ කොන. 


නොපෙනෙන රුදුරු මාරකයට වසන් වෙලා

භීතිය හිතට දනවා උන් අපට හොරා

කාකි ඇදුම ළඟ උන්ගේ නරුම සතා

නොමරා මරන්නට යනවා අපේ කතා 


කොරෝනාව මරවන විට අපේ එකා.

ගංවතුරත් සුලගත් ඔච්චමට ගියා.

බඩු මිල අහස උසටම වී සිනා වෙලා.

උන් එක් වෙලා තව තැලුමට හේතු ගෙනා.. 


විකිණෙයි ලක් මවුන් අභිසරණියක් ලෙස.

ඇය විකුණලා නැත මඩිතර පිරී තව.

ඒ මැද ඇගේ පොඩි දරුවන් ඇපට ගෙන.

විකුණන්නට හදයි උන්ගේ හීන ටික. 


බඩු මිල අහස උසටම නැග දලු ලද්දී

පොඩි උන් හටත් හෙට දවසක් නැති වෙද්දී 

හිටියොත් උබත් හෙට පරගැතියෙක් වෙද්දී 

තේරෙයි උබට උන්ගේ පපු වල සද්දේ 



හැකි නම් මට සමාවෙන්න...

 


ටකරම් වට වූ ලයිමක

උයන නිදන හැම එකතැන

ඒ අතරින් අකුරු කරන

මගේ පුතු පැටියෝ....


දන්නවාද පුතුනේ උබ

අපිට නැතේ කාසි එමට

ඉගෙනගතොත් පමනයි හෙට

ලැබෙන්නෙ සුරසැප අපහට

  

තාම උබට වයස ටිකයි

බෑ මේ හැම වටහා ගන්න

අපේ රටේ මහ උන් ඇත

උබට අපිට වල කපන්න


පහනක් වන්නට ගෙපැලට

අපි වගෙ දුප්පත් එවුනට

කාසි නැතුව ඉගෙන ගන්ට

දුන්නේ මැති කන්නංගර


ඒ දුන් ඉගෙනුම හිමිහිට

විකුණ ගන්න මාන බලන

සිරි ලංකාවේ මහ තැන

කලින් කලට එයි වෙස් ගෙන


එක එක විදියට ආවට

ලේ කඳුලැල් දී බිල්ලට

මනුසත් දෙවිවරු මිහිපිට

පහල උනේ අපේ පිනට


අද උබගේ අසරනකම

බෑ දරන්න හදවතටම

පිහදන ටැලිපෝන් ගන්න

තව මදි බන් කාසි අතට


ඉස්සර ලස්සන නිදහස

ගමේ ගොඩේ හැම මුල්ලෙම

දැන් ගහකොළ ඇත හිගකොට

දුකයි පුතුනි හිතට මෙමට


ඡන්දෙට දුන් ටකරමකට

සින්න උනේ උබේ දිවිය

නූගත් මගේ කෙරුම් වලට

හෙට දවසයි අහිමි උබට


මේ දැලිකුනු ජරා වලෙන්

ගොඩ එන පොට තිබුනෙ පොතෙන්

කාසි නැතිව දෙන එක දැන්

නැති වෙනවලු ටික දොහොකින්


මට නම් බෑ බලන් ඉන්ට

හීන අහිමි උනේ උබට

ගහපු එකට කතිර උන්ට

හැකි නම් මට සමා වෙන්න...



ගුරු දෙව්...

 


එදා උගුරම වෙලාගෙන රස

තියෙන්නැති ලේ කදුලු දහසක්...

නමුදු අප හැම දුටුවෙ හිනැහෙන

අපට සෙනෙහස ගෙනෙන මුහුණක්...

අපෙන් තොර වූ ලොවක් සිතුමට

බැරිද ඔබහට එකම වරුවක්...

අපේ හෙට ගැන තවම ලතවෙන

අනේ ඔබ නම් පුදුම මිනිසෙක්..


දෙවොල් කුමටද යාතිකාවට

දුටුව මහමග සිටින දෙවිවරු....

කෙසේ ඉවසමි අපේ ඇදුරිදු 

යදින්නේ දරු සිනා නිරතුරු..

හදවතත් ඔලුවත් මනවට

හදපු හින්දා අපේ නිරතුරු...

එදා ලැබ දුන් අකුරු අදවත්

නොලිව්වොත් හෙම නොවෙද ගුණමකු.... 


ගුරු දෙවි නැති ලොවක් ගැන ඔබ සිතුවාද

දෑස් අන්ධ නම් ලෝකය පෙනෙනවද

තිරිසන් සතා හා අප වෙනසක් වේද

හොර තක්කඩින් විතරක් හිටියොත් ඇතිද... 


මොල ගෙඩි හදන විට පඩිපත සොච්චමද

රට කන උන්ගේ මඩි තව අපි පුරවමුද

ගුරු පදවියට නිසි ගරු සරු නැති වෙත්ද

ඇදගෙන යන්නේ මතු පරපුර කොයිබටද 




Jul 30, 2021

හිස්තැනක්...

 


ඈත ශිඛරය තුළින් හිරු එබී නව            පණක්

අලුත් හසරැල් විදා ලැබේවි තව                දිනක්

නොහැකි නම් හිනහෙන්න ඒ මැදින් එක් වරක්

හැමදාම නුඹේ ලොව තිබේවි           හිස්තැනක්


      -  තිසරි චානිකා -




හිතුවොත් මොනාද බැරි?

 


Jul 29, 2021

ගුරු ගීතය...

 


"ශීත කාලය පැමිණේවි

තද ශීත කුණාටු හමවි

හිම කැට සහිත

මහ නපුරු සුළි  සුලං හමාවි

එහෙත්

වසන්තය එනවා 

සත්තයි ..." 

           

            - ගුරු ගීතය -

     (  චින්ගිස් අයිත්මාතව් )









ඓතිහාසික බද්දේගම දුටුගැමුණු විහාරය



 

        මෙම විහාරස්ථානය ගාල්ල දිස්ත්‍ර්ක්කයේ බද්දෙගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගනේගම සන්දරවල අඩි 300 පමන උස හැඩිදෙමළ කන්ද නමින් ප්‍රචලිත කන්දේ පිහිටා ඇත.

      ජනප්‍රවාදයේ සදහන් පරිදි සොලී ආක්‍රමණ සමයේ සන්දර නම් සොලී සෙන්පතියෙක් සටන් මෙහෙයවමින් තම පිරිස සමග මෙහි සිට ඇති නිසා හැඩිදෙමළ කන්ද යන නම මෙයට ලැබී ඇත.දුටුගැමුණු රජතුමා සහ සේනාව මෙම කන්ද වටකල පසු සන්දර සහ පිරිස තම වස්තුවද රැගෙන වරතාමනයේ සන්දරවල ලෙස හැදින්වෙන ජලාශයට පැන සියදිවි හානිකරගෙන ඇත.( සන්දරවල ජලාශයට එම නම ලැබී ඇත්තේ එම හේතුවෙනි.)ඉන්පසුව දුටුගැමුණු රජතුමා මෙම කන්දේ සිට සේනා රැස්කර ඇත. පසුකාලීනව හැඩිදෙමළ කන්දේ තැනුනු මෙම විහාරස්ථානය දුටුගැමුණු විහාරය ලෙස හැදින්වෙනුයේ එම නිසාය.

        හැඩිදෙමළ කන්ද පාමුල ඇත්තේ විහාරස්ථානයේ මූලිකත්වයෙන් ඇරඹි රතනසාර විදුහලයි .පියගැට පෙළෙහි තරමක් දුරට ගමන් කරන විට දකුණු පසින් හමු වනුයේ අතිගරු කහවේ ශ්‍රී රතනසාර මාහිමි,වැලිවිටියෙ සුගතපාල නාහිමි,වේරගොඩ ශ්‍රී අමරමෝලි නාහිමි ,ගනේගම සරණන්කර නාහමි යන විහාරාධිපතීන්වහන්සේලාගෙ බශ්මාවශේශ තැම්පත් කොට තනවා ඇති ස්තූපයයි.එය පසුකර ඉහලට ගමන් ගන්නා විට දක්නට ඇත්තේ සම්පුර්නයෙනම කලුගලින් නෙලා නිමකර ඇති සාoචි තොරණයි.මෙය ඉන්දියාවෙ ඇති සම්පුර්ණ කලු ගලින් නිමකල සාoචි තොරණට පසුව ඇති එකම තොරණ ලෙස හැදින්වෙන අතර එයින් හෙළ කලාකරුවන් ගේ දක්ශතාව මනාවට පිලිඹිබු වේ.එතැන් පටන් ඉහලට යනවිට දසමහායෝදයින්ගේ ප්‍රතිමා දැකගත හැක.දසමහායෝදයින්ගේ ප්‍රතිමා දැකගතහැකි එකම විහාරස්ථානය මෙයයි.මලුවට ආසන්නයෙ ලක්දිවට බුදුදහම ගෙන ආ අසිරිමත් මහින්දාගමනය සිහිපත් කරන ප්‍රතිමා ඉදිකර ඇත.මෙම දසුන නෙත ගැටෙන විට මිස්සක පව්ව සිහියට නැගෙන බව නොඅනුමානය .

      කදුමුදුනට ලගාවූ විට දරශනීය වූ මිහිදු විහාරය ගෙය  දැකගත හැක  .මෙය බද්දෙගම යහලදූව වතු යාය අදිපතිව සිටි ඩී .ඩී.එස්.හෙට්ටිආරච්චි මුහන්දිරම් මැතිදුන්ගෙ දන පරිත්‍යාගයෙන්  ක්‍රි.ව.1947 දී ඉදිකරන ලදී.විහාරගෙය තුල ඇද ඇති චිත්‍ර වලින් සිoහල ඉන්ග්‍රීසි ගිවිසුම ,දුටුගැමුණු රජුගේ කොඩිය,සිංහල සාහිත්‍ය ග්‍රන්ථ කීපයක් හා ඒවායේ කතුවරුන්ගේ නාම පිලිඹිබුවේ.

      ගිoගගෙන් සොයාගත් කිඹුලන් මර්දනය කරන මන්තරය ඇතුලත් යැයි ප්‍රචලිත සෙල්ලිපියද,දුටුගැමුණු රජුගේ හා විහාරමාහා දේවියගේ පිළිරූ මෙන්ම මෙම විහාරස්ථානයේ දියුනුවට අනුපමේය සේවයක් ඉටුකරන ලද අති පුජ්‍ය ගනේගම සරණන්කර නාහිමිපාණන් ගේ ප්‍රතිමා වද කදු මුදුනේ පිහිටි විහාර බිමට එක් කරන්නෙ ඉමහත් අගයකි  .

     වර්තමානයේ මෙහි විහාරාධිපති ලෙස වැඩ වසන්නෙ වැලිවිටියෙ සුමන  නාහිමිපානන් වහන්සේය.පුජනීය හා එතිහාසික වටිනාකමක් සහිත මෙම සිද්දස්ඨානය  රැක ගැනීම අප සැමගේ වගකීමකි.

නිදහස...





ලැබුණා කියපු දවසේ සිට

නොලැබුණ එකම දේ..



Jul 28, 2021

මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා වන යුරෝපා මානව හිමිකම් මානව හිමිකම් යාන්ත්‍රණය

     


 මානව හිමිකම් සුරක්ෂිත කිරීම සහ නගා සිටුවීම සඳහා වූ අන්තර් ජාතික විධිවිධාන වලට අමතරව කලාපීය විධිවිධාන රාශියක් හඳුනා ගෙන තිබේ.ඉන්නං විධි විධාන මඟින් මානව හිමිකම් නගා නගා සිටුවීම මෙන්මමානව හිමිකම් සුරක්ෂිත කිරීම සහ ඊට ගරු කිරීම ඉහළ තත්ත්වයකට යොමු කිරීමට අපේක්ෂා කරයි.කලාපීය විධිවිධාන වල සාර්ථකත්වය මානව හිමිකම් උල්ලංඝනය වීම සහ උල්ලංඝනය වීමට ආසන්න වීම යන්න යන අවස්ථාවලදී ඊට කාර්යක්ෂම අයුරින් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව මත පදනම් වේ.යුරෝපා මානව හිමිකම්  යාන්ත්‍රණය මෙවැනි එක් සාර්ථක කලාපීය විධිවිධානයකි.

       මෙම යුරෝපා මානව හිමිකම් බිහිවීමට බලපෑ බලපෑ පසුබිම පිළිබඳ අවධානය යොමු කිරීමේදී දෙවන ලෝක යුධ සමයේ සිදු වූ මහා පරිමාණ පරිමාණයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් බිහිවී ඇත.මානව හිමිකම් ,නීතියේ ආධිපත්‍ය ආධිපත්‍යය සහ බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය යුරෝපා නයි ටික ක්‍රියාවලියේ පදනමයි.යුරෝපා මානව හිමිකම් මානව හිමිකම් යාන්ත්‍රණය සහ එහි විධිවිධාන ප්‍රධාන ආයතන තුනක් මත පදනම් වේ.

             01. යුරෝපා කවුන්සිලය 

                     (මෙය සාමාජික රාජ්යන් 45 කින්                                     සමන්විත වේ )

            02. යුරෝපයේ සහයෝගීතාවය සහ                                 ආරක්ෂාව  සඳහා වන සංවිධානය

                     ( මේ සාමාජික රාජ්‍යයන්  55 කින්                                    සමන්විතයි )

            03. යුරෝපා සංගමය 

                      ( මේ සාමාජික රාජ්‍යයන් 25 25කින්                               සමන්විතය)

මානව හිමිකම් පිළිබඳ යුරෝපා ලේඛන 

* මානව හිමිකම් සඳහා වන යුරෝපා සම්මුතිය           (1950)

*යුරෝපා සාමාජීය වරපත්‍රය (1961)

*කෲර වද වදහිංසා , අනෙකුත් අමානුෂීය ක්‍රියා සහ අවමන් සහගත සැලකීම් පිටුදැකීම සඳහා වන යුරෝපා සම්මුතිය  (1987)

*Helsinki පනත (1975)

*කලාපීය හෝ සුළුතරයේ භාෂාව සඳහා වන යුරෝපා වරපත්‍රය (1992)

*ජාතික සුළුතරයේ සුරක්ෂිතතාව සඳහා වන සම්මුතිය(1994)

*යුරෝපා සංගමයේ මූලික හිමිකම් පිළිබඳ වර පත්‍රය (2000)

 මානව හිමිකම් සඳහා වන යුරෝපා සම්මුතිය 

     


 මෙය 1950 සම්මත කර ඇත.මානව හිමිකම් හා මූලික නිදහස පිළිබඳ යුරෝපා ප්‍රඥප්තිය ලෙසද මෙය හඳුන්වනු ලබයි.යුරෝපා ජනතාවට විශේෂයෙන්ම ප්‍රධානය කර තිබෙන අයිතිවාසිකම් මොනවාද සහ එම යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් වල සිටින පුරවැසියන්ට ලබාදී තිබෙන විශේෂ අයිතිවාසිකම් මොනවද යන්න මෙයින් සාකච්ඡා කරනු ලබයි.මෙය 1950 ඉදිරිපත් වුවද බලාත්මක වන්නේ 1952 වර්ෂයේදී ය.එසේම මෙහිදී මූලික අවධානය යොමු කර ඇත්තේ යුරෝපීය පුරවැසියන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ව ය.

          මෙම මානව හිමිකම් ප්‍රඥප්තිය තුළ තුල අන්තර්ගත වන කරුණු අනුව එහි 02 වගන්තියෙහි ජීවත්වීමේ අයිතිය පිළිබඳව සඳහන් කර ඇත.එහිදී මරණ දඬුවම ඉවත් කිරීමට මොවුන් පියවර ගෙන ඇත.ප්‍රංශ විප්ලව සමයේ ගිලටීනය මං යන්ත්‍රය යොදා ගනිමින් යොදා ගනිමින් විශාල මිනිස් ඝාතන ප්‍රමාණයක් සිදු කර තිබුණි.එයින් බොහෝ මිනිසුන්ගේ මානව හිමිකම් කඩවීමක් සිදුවන්නට විය.මෙම සිදුවීම්වල අවසාන ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපා සම්මුතියට ජීවත් වීම පිළිබඳ ඇතුළත් කරමින් මරණ දඬුවම ඉවත් කිරීමට පියවර ගෙන ඇත.ඒ අනුව මෙකී සම්මුතිය හරහා යුරෝපීයයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරමින් ජීවත් වීමේ අයිතිය තහවුරු කර ඇත.අද වන විට යුරෝපානු රාජ්‍යයන් කිසිවක් මෙකී මරණ දඬුවම ලබා නොදීමට ක්‍රියා කරයි.තවද මෙම සම්මුතිය හරහා මිනිසුන්ගේ බොහෝ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරක්ෂිත වී ඇත .එහිදී,

* වධහිංසාවේ අයිතිය

* සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය

* විවාහ වීමේ අයිතිය 

* සිතීමේ නිදහස ,හෘදයසාක්ෂිය  සහ ආගමික             නිදහස

* අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය 

ආදී බොහෝ අයිතිවාසිකම් සුරක්ෂිත වී ඇත.

යුරෝපා සමාජීය වර පත්‍රය 

1961 වර්ෂයේ දී සම්මත කරගනු ලැබූ මෙම වර පත්‍රය ආර්ථික හා සාමාජීය හිමිකම් අන්තර්ගත වූවකි.නමුත් එය යුරෝපා සම්මුතිය තරම්ම වැදගත් ලේඛනයක් නොවේ.ආරම්භයේ සිටම සිටම දුර්වල සහ අකාර්යක්ෂම ලේඛනයක් වූ මෙය දෙවරක්ම සංශෝධනයට ද ලක්ව ඇත.එම සංශෝධන වල ප්‍රතිඵලයක් වශයෙන් වෛකල්පිත ලේඛනයක් මත පදනම්ව  සාමූහිකව පෙත්සම් ඉදිරිපත් කිරීමේ  අයිතිය පුද්ගලයන්ට ලැබී ඇත.

කෲර වධහිංසා,අනෙකුත් අමානුෂික ක්‍රියා සහ අවමන් සහගත සැලකිලි පිටුදැකීම සඳහා වන යුරෝපා සම්මුතිය 

 1987 වර්ෂයේ දී සම්මත කරගනු ලැබූ මෙයා මෙය මානව හිමිකම් සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් ලේඛනයකි.මෙහිදී කෲර වධහිංසා, අනිකුත් අමානුෂික ක්‍රියා සහ අවමන් සහගත සැලකිලිපිටුදැකීම සඳහා ක්‍රියා කරනු ලබයි.ඒ හරහා යුරෝපියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත වීමත් සිදු වී ඇත.

ජාතික සුළුතරය සුරක්ෂිත කිරීම සඳහා වන යුරෝපා සම්මුතිය  


 මෙම සම්මුතිය යුරෝපය තුළ සුළුතර අයිතිවාසිකම් පිළිබඳ ගැටළු වර්ධනය වීමේ දී ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් සම්මත කර ගනු ලැබූවකි.

මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණය 

යුරෝපයේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා වන ප්‍රධානම යාන්ත්‍රණය  වන්නේ මෙයයි.යුරෝපා කවුන්සිලයේ සියලුම සාමාජික රාජ්‍යයන් විසින් එහි තීන්දු පිළිගනු  ලබයි.මෙහිදී යුරෝපා අධිකරණයේ විනිසුරුවන්ගේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව යුරෝපා කවුන්සිලයේ සාමාජික රාජ්‍යයන්ගේ සංඛ්‍යාවට සමාන වන අතර සෑම විනිශ්චක දීම ජාතික ව්‍යවස්ථාවෙන් අවබෝධ කර ගැනීම සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගනී. නමුත් විනිසුරු පත් කරනු ලබන්නේ නිපුණත්වය මතයි.කෙසේ වෙතත් මෙම යුරෝපා අධිකරණය විසින් නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි විමසන අතර සිදුව ඇති හානිය සඳහා වන්දි ගෙවීමට නිර්දේශ කිරීමට බලය ඇත.

උදාහරණ-

        * යුරෝපා අධිකරණය ලිතුවේනියාව සහ රුමේනියාව යන රටවල් ඇමරිකානු ඩොලර් 117000වශයෙන් වන්දි ගෙවන ලෙස තීන්දු කරන ලදී .එසේ වීමට හේතු වූයේ,

        * අය කයිඩා ත්‍රස්තවාදී සැකකරුවන්                             දෙදෙනෙකු වන අබු සුබයිඩා සහ අබ්දුල් -                   අල්-රහීම්-අල්-නශිරි යන අයට වධහිංසා                   පැමිනවීම 

       * CIA සංවිධානයේ රහසිගත සිර කඳවුරු                      පවත්වාගෙන යාම හරහා වධහිංසා තහනම            පිළිබඳ යුරෝපා නීතිය උල්ලංඝනය කිරීම

යන කාරණා හමුවේ මෙම රටවල් ද්විත්වයට  යුරෝපා අධිකරණයට වන්දි ගෙවීමට සිදුව ඇත.කෙසේ වෙතත් මෙම යුරෝපා අධිකරණය අධිකරණය මේ වන විට මුහුණ දෙනන ප්‍රධානම ගැටලුව වන්නේ ඊට ඉදිරිපත් වන පෙත්සම් ප්‍රමාණය ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබීමයි.

යුරෝපා සංගමය මානව හිමිකම් ප්‍රතිපත්තිය 

මෙහිදී දේපළ පිළිබඳ අයිතිය, සමාගමේ නිදහස, ආගමික හෝ සමානාත්මතාවයේ මූලධර්ම ආරක්ෂා කිරීමක් සිදුවේ.

        

       යම් පුද්ගලයෙකුට ජීවත් වීමට සුදුසු රාජ්‍ය සොයනවා නම් ඒ සඳහා යුරෝපානු රාජ්‍යයක් තෝරා ගන්න යැයි යම් මතයක් ඉදිරිපත් වී ඇත.මෙවැනි මතයක් ඉදිරිපත් වීමට තරම් මෙම යුරෝපානු කලාපය තුළ මානව හිමිකම් කෙතරම් දුරට සුරක්ෂිත වීම තහවුරු වීමක් සිදුවෙලා තිබෙන්නට පුළුවන් ද? මේ අනුව පැහැදිලි වන්නේ අනිකුත් කලාපයන් වලට වඩා යුරෝපා කලාපය තුළ මානව හිමිකම් හොඳින් සුරක්ෂිත වී ඇති බවයි.


                   - තිසරි චානිකා -


Jul 12, 2021

ආදරයට කොහෙන්ද මිල මුදල්...

 


දිවිගමනේ කෙතරම් නම්

          හමුවීම් ඇති වන්නේද ? 

නමුත් කොතෙක් නම්

          එම හමුවීම් බැදීම් බවට පත්වන්නේද ?

ශක්තිමත් බැදීමකට නම්

          කෙතරම් කාසි අවිසිවන්නේද ?

මිල මුදල් තිබූ පමණින් 

         බැදීම් දැඩි වන්නේද ?


      -  තිසරි චානිකා  -




Jul 11, 2021

නෙත් මවිත කරන අපූරු කැමරා ඇස...

 01. 


02. 


03. 


04. 


05. 


06. 


07. 


08. 


09. 

10. 


තරග තීරක සල්ලි...

 


කෑලි කපන

ඝන අන්ධකාරයේ

කණා මැදිරියෝ

එළි නිකන් දේවිද?

කාසි හිග නම්

පසුම්බියේ අද

හරය ජිවිතෙ ඇතිද?


    - තිසරි චානිකා -