මෙම විහාරස්ථානය ගාල්ල දිස්ත්‍ර්ක්කයේ බද්දෙගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගනේගම සන්දරවල අඩි 300 පමන උස හැඩිදෙමළ කන්ද නමින් ප්‍රචලිත කන්දේ පිහිටා ඇත.
ජනප්රවාදයේ සදහන් පරිදි සොලී ආක්‍රමණ සමයේ සන්දර නම් සොලී සෙන්පතියෙක් සටන් මෙහෙයවමින් තම පිරිස සමග මෙහි සිට ඇති නිසා හැඩිදෙමළ කන්ද යන නම මෙයට ලැබී ඇත.දුටුගැමුණු රජතුමා සහ සේනාව මෙම කන්ද වටකල පසු සන්දර සහ පිරිස තම වස්තුවද රැගෙන වරතාමනයේ සන්දරවල ලෙස හැදින්වෙන ජලාශයට පැන සියදිවි හානිකරගෙන ඇත.( සන්දරවල ජලාශයට එම නම ලැබී ඇත්තේ එම හේතුවෙනි.)ඉන්පසුව දුටුගැමුණු රජතුමා මෙම කන්දේ සිට සේනා රැස්කර ඇත. පසුකාලීනව හැඩිදෙමළ කන්දේ තැනුනු මෙම විහාරස්ථානය දුටුගැමුණු විහාරය ලෙස හැදින්වෙනුයේ එම නිසාය.
හැඩිදෙමළ කන්ද පාමුල ඇත්තේ විහාරස්ථානයේ මූලිකත්වයෙන් ඇරඹි රතනසාර විදුහලයි .පියගැට පෙළෙහි තරමක් දුරට ගමන් කරන විට දකුණු පසින් හමු වනුයේ අතිගරු කහවේ ශ්‍රී රතනසාර මාහිමි,වැලිවිටියෙ සුගතපාල නාහිමි,වේරගොඩ ශ්‍රී අමරමෝලි නාහිමි ,ගනේගම සරණන්කර නාහමි යන විහාරාධිපතීන්වහන්සේලාගෙ බශ්මාවශේශ තැම්පත් කොට තනවා ඇති ස්තූපයයි.එය පසුකර ඉහලට ගමන් ගන්නා විට දක්නට ඇත්තේ සම්පුර්නයෙනම කලුගලින් නෙලා නිමකර ඇති සාoචි තොරණයි.මෙය ඉන්දියාවෙ ඇති සම්පුර්ණ කලු ගලින් නිමකල සාoචි තොරණට පසුව ඇති එකම තොරණ ලෙස හැදින්වෙන අතර එයින් හෙළ කලාකරුවන් ගේ දක්ශතාව මනාවට පිලිඹිබු වේ.එතැන් පටන් ඉහලට යනවිට දසමහායෝදයින්ගේ ප්‍රතිමා දැකගත හැක.දසමහායෝදයින්ගේ ප්‍රතිමා දැකගතහැකි එකම විහාරස්ථානය මෙයයි.මලුවට ආසන්නයෙ ලක්දිවට බුදුදහම ගෙන ආ අසිරිමත් මහින්දාගමනය සිහිපත් කරන ප්‍රතිමා ඉදිකර ඇත.මෙම දසුන නෙත ගැටෙන විට මිස්සක පව්ව සිහියට නැගෙන බව නොඅනුමානය .
කදුමුදුනට ලගාවූ විට දරශනීය වූ මිහිදු විහාරය ගෙය දැකගත හැක .මෙය බද්දෙගම යහලදූව වතු යාය අදිපතිව සිටි ඩී .ඩී.එස්.හෙට්ටිආරච්චි මුහන්දිරම් මැතිදුන්ගෙ දන පරිත්‍යාගයෙන් ක්‍රි.ව.1947 දී ඉදිකරන ලදී.විහාරගෙය තුල ඇද ඇති චිත්‍ර වලින් සිoහල ඉන්ග්‍රීසි ගිවිසුම ,දුටුගැමුණු රජුගේ කොඩිය,සිංහල සාහිත්‍ය ග්රන්ථ කීපයක් හා ඒවායේ කතුවරුන්ගේ නාම පිලිඹිබුවේ.
ගිoගගෙන් සොයාගත් කිඹුලන් මර්දනය කරන මන්තරය ඇතුලත් යැයි ප්‍රචලිත සෙල්ලිපියද,දුටුගැමුණු රජුගේ හා විහාරමාහා දේවියගේ පිළිරූ මෙන්ම මෙම විහාරස්ථානයේ දියුනුවට අනුපමේය සේවයක් ඉටුකරන ලද අති පුජ්‍ය ගනේගම සරණන්කර නාහිමිපාණන් ගේ ප්‍රතිමා වද කදු මුදුනේ පිහිටි විහාර බිමට එක් කරන්නෙ ඉමහත් අගයකි .
වර්තමානයේ මෙහි විහාරාධිපති ලෙස වැඩ වසන්නෙ වැලිවිටියෙ සුමන නාහිමිපානන් වහන්සේය.පුජනීය හා එතිහාසික වටිනාකමක් සහිත මෙම සිද්දස්ඨානය රැක ගැනීම අප සැමගේ වගකීමකි.
No comments:
Post a Comment