සරසවි දිවියේ අමතක නොවන මෙවන් දිනක් උදා වූයේ දෙවන වසර තුළදීය. දැනුම , අත්දැකීම් විනෝදය කැටිව මුසුවූ සොදුරු දිනක නිවාව සනිටුහන් කරමින් මෙවන් ඡායාරූපයකට පෙනී සිටීමට අවස්ථාව ලැබුනි.
සරසවි දිවියේ අමතක නොවන මෙවන් දිනක් උදා වූයේ දෙවන වසර තුළදීය. දැනුම , අත්දැකීම් විනෝදය කැටිව මුසුවූ සොදුරු දිනක නිවාව සනිටුහන් කරමින් මෙවන් ඡායාරූපයකට පෙනී සිටීමට අවස්ථාව ලැබුනි.
* (සිංහල)
මගේ ගම ...
මම ජීවත් වෙන්නේ ගමක. අපේ ගම හරිම ලස්සනයි. අපේ ගමේ මිනිස්සු හරිම සරලයි.අපේ ගමේ මිනිස්සු සෞඛ්‍ය සම්පන්නයි. ඔවුන් වෙහෙස මහන්සි වී දවස පුරා කෙත්වතු වල වැඩ කරති. ගමේ පිරිසිදු ආහාර තිබේ. අපේ ගමේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරන අය.
* (English )
My Village...
I live in a village. Our village is very beautiful .People of our village are very simple. People of our village are healthy. They work hard and work in the fields throughout the day. There is pure food in the village.People of our village are hard work.
* (Tamil )
ஆ ங்கிலத்தில் என் கிராமக் கட்டுரைன் ஒரு கிராமத்தில் வசிக்கிறேன்...
எங்கள் கிராமம் மிகவும் அழகாக இருக்கிறது. எங்கள் கிராம மக்கள் மிகவும் எளிமையானவர்கள்.ங்கள் கிராம மக்கள் ஆரோக்கியமாக உள்ளனர். அவர்கள் நாள் முழுவதும் கடினமாக உழைத்து வயல்களில் வேலை செய்கிறார்கள். கிராமத்தில் சுத்தமான உணவு இருக்கிறது. எங்கள் கிராம மக்கள் கடின உழைப்பாளி.
* (Japanese )
私の村のエッセイ(英語)....
私は村に住んでいます。 私たちの村はとても美しいです。 私たちの村の人々はとてもシンプルです。 私たちの村の人々は健康です。 彼らは一生懸命働き、一日中畑で働きます。 村には純粋な食べ物があります。 私たちの村の人々は一生懸命働いています。
ගම්පෙරළිය යනු හුදු නවකතා නාමයක් නොවේ. එය සැබවින්ම සිංහල සාහිත්‍යයට සිදුවූ පෙරළියකි.කතාන්තර කලාවක්ව පැවති සිංහල නවකතාව යථාර්ථවාදී කලාවක් බවට පරිවර්තනය වූයේ, මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ගම්පෙරළිය නවකතාවෙන් පසුවය.ප්‍රථම යථාර්ථවාදී සිංහල නවකතාව ලෙස සැලකෙන එය 1944 වසරේදී පළමු වරට ප්‍රකාශයට පත්වූ අතර මේ වසර වන විට එම නවකතාව 76 වන විය සමරයි.
ගම්පෙරළිය මුල් ආකෘතිය
1944 වසරේදී ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය වුව ද ගම්පෙරළිය නවකතාව පිළිබඳව මුල් ම ආකෘතික සටහන් තබා ඇත්තේ, 1922 වසරේදීය. එනම්, ගම්පෙරළිය පළ කිරීමට වසර 22කට පෙරය. ලේඛකයෙකු සතු විය යුතු ඉවසීම සහ පරිණතභාවය එමගින් පැහැදිලි වෙයි."ගම්පෙරළිය ලියන්න අවුරුදු 22කට කලින් තමයි ගම්පෙරළිය පිළිබඳ සංකල්පය වික්‍රමසිංහයන් තුළ පහළ වුණේ. ඒක ඒ දවස්වල මොනිටර් එක්සයිස් පොතක, ස්ක්‍රැප් බුක් කියල ඒකට කිව්වේ. ඒ පොතේ පිටු 13ක A plot for a novel කියලා ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා ගම්පෙරළිය නවකතාව පිළිබඳ අත්දැකීම," මාර්ටින් වික්‍රමසිංහයන්ගේ දෑස් පෙනීම දුර්වල වීමෙන් පසුව ඔහුගේ ග්‍රන්ථ රැසක සෝදුපත් පරීක්ෂා කළ ප්‍රවීණ ලේඛක දයාපාල ජයනෙත්ති ගම්පෙරළිය මුල් ආකෘතිය පිළිබඳව අප සමග කරුණු දැක්වූයේ එලෙසය.
එම මුල් ආකෘතියේ සඳහන් කර තිබූ චරිතවල නම් කිහිපයක් ම පසුකාලීනව ගම්පෙරළිය නවකතාවේ ඇතුළත් කළ චරිතවල නම්වලට වඩා වෙනස් බව දයාපාල ජයනෙත්ති පැවසීය."ඒකෙ තියෙන්නේ මුහන්දිරම් කුලචන්ද්‍ර කියලා. කයිසාරුවත්තේ මුහන්දිරම් පස්සෙ ආවෙ. පියල්ගේ නම ඒ මුල් ස්කෙච් එකේ දාල තිබුණේ සිරිමල් රණවීර කියලා. නමුත් නන්දා සහ අනුලා චරිත මුල් ආකෘතියේ ම තිබුණා. තමන්ගේ හිතට ආව අදහස හදිසියේ ලියන්නේ නැතුව අවුරුදු ගාණක් අත්දැකීම මෝරා වැඩිලා පරිණත වුණාට පස්සෙ තමයි මාර්ටින් වික්‍රමසිංහ මේ පොත ලිව්වේ.""ප්‍රධාන චරිතයක් නෑ"
ගම්පෙරළිය නවකතාවේ දක්නට ලැබෙන සුවිශේෂී කරුණක් වන්නේ, වෙනත් නවකතාවල මෙන් ප්‍රධාන චරිතයක් නොමැති වීමය. එහි අප්‍රාණික වස්තු පවා චරිත ලෙස නිරූපණය කර තිබීම විශේෂත්වයකි.1971 වසරේ මාර්තු මස 24 වන දින විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පැවති දේශනයකදී ඔහු ගම්පෙරළියේ ඇතුළත් වන චරිත පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.
"ගම්පෙරළියෙහි ප්‍රධාන චරිතයක් නෑ. එහි ප්‍රධාන චරිතය ලෙස ගත හැක්කේ කාලය සහ කයිසාරුවත්තේ පවුල. එහි සිදුවීම් එකට බඳිනු ලබන්නේ කාලය විසින් මිස හේතුඵල ධර්මය විසින් නොවේ. එහෙයින් එහි රචනා රූපය රූපක කතාවේ රචනා රූපයට වෙනස්. එහි සිදුවීම් පවුලේ එකිනෙකා පිළිබඳ සිදුවීම්. ඒවා එකට ඈඳා බඳිනු ලබන්නේ කාලය විසින්. චරිත නිරූපණය වන්නේ එහි ඵල වශයෙනි." (උපුටා ගැනීම: මා ලේඛකයෙකු වූ හැටි - මාර්ටින් වික්‍රමසිංහ)
ඒ අනුව, ගම්පෙරළියෙහි හිරිගල පවා චරිතයක් ලෙස භාවිත කර තිබේ.ප්‍රවීණ ලේඛක දයාපාල ජයනෙත්ති පැවසුවේ, එහි ඇතුළත් චරිත බොහොමයක් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ගතිපැවතුම් අධ්‍යයනය කිරීමෙන් ප්‍රතිනිර්මාණය කරන ලද ඒවා බවය.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පියා පොලිස් නිලධාරියෙකු වූ අතර මහප්පා ගම්මුළාදෑනියෙකු විය.
"එතුමා කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ චරිතය ගොඩනගලා තියෙන්නේ පියාගෙයි මහප්පාගෙයි චරිත ලක්ෂණ එකතු කරලා. මාතර හාමිනේගේ චරිතය අම්මා ඇසුරෙන් නිර්මාණය කළේ. නන්දා සහ අනුලා චරිත එයාගේ අක්කලාගේ චරිත අනුසාරයෙන් ගොඩනගලා තියෙන්නේ. ජිනදාස කියන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අක්කාගේ මහත්තයා. එයා සිංහලේ ගිහින් මැලේරියාව හැදිලා රත්නපුරේ ඉස්පිරිතාලෙක තමා මැරිලා තියෙන්නේ. මට රත්නපුරේ ඉස්කෝලෙක වැඩසටහනකට ගිය වෙලාවේ විදුහල්පතිවරයෙක් කිව්වා තාමත් ජිනදාසගේ දරුවන් දෙදෙනෙක් රත්නපුරේ ජීවත් වෙනවා කියලා," ප්‍රවීණ ලේඛක දයාපාල ජයනෙත්ති පැවසීය.
හෙළයේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කනිටු පුත් වෛද්‍ය රංග වික්‍රමසිංහ සිය පියාණන් ලියූ ගම්පෙරළිය නවකතාව පිළිබඳව අප සමග සිය මතකය අවදි කළේය.
තමන් ද ගම්පෙරළිය නවකතාව නිවැරදිව වටහා ගත්තේ, ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට නියම කර තිබූ හෙයින් බව වෛද්‍ය රංග වික්‍රමසිංහ පැවසීය.
"ගම්පෙරළිය ඒ කාලේ අපේ ඉස්කෝලේට නියම කළා. මං හිතන්නෙ අපේ සීනියර් ස්කූල් සර්ටිෆිකට් එකට නියම කරල තිබුණ ගම්පෙරළිය. එතකොට තමයි මම හරියට ගම්පෙරළිය කියෙව්වේ. මුල් කාලේ මම විනෝදෙට කියෙව්වා. ඒත් හරියට තේරුම් අරන් කියෙව්වේ විභාගයට සූදානම් වෙද්දී."
1944 වසරේදී පළවූ මෙම අග්‍රගණ්‍ය නවකතාව මේ වන විට 2018 වසර දක්වා 58 වරක් මුද්‍රණය කර තිබේ. මාර්ටින් වික්‍රමසිංහ භාරකාර අරමුදල පවසන පරිදි පසුගිය වසර 10 තුළ ඉන් පිටපත් 120000ක් අලෙවි වී තිබේ.
ඒ අනුව, ගම්පෙරළිය නවකතාව පරම්පරාවෙන් පරම්පරාවට පාඨකයින් අතට පත්වන නවකතාවක් බවත් ඒ සඳහා වන පාඨක ඉල්ලුම කිසි දිනෙක අඩු නොවන බවත් වෛද්‍ය රංග වික්‍රමසිංහ පවසයි.
"ගම්පෙරළිය කියන්නේ දැන් සිංහල පාඨකයින් අතර පරම්පරා ගණනක් ස්ථාවර වුණ පොතක්. ඒක හැමෝම කියවනවා. ඒකට තියෙන ඉල්ලුම හැම දා ම තියෙනවා. දැනටත් මඩොල් දූව, අපේගම කියන පොත් දෙකට පස්සේ වැඩියෙන් ම අලෙවි වෙන්නේ ගම්පෙරළිය පොත."
ගම්පෙරළිය සිනමා පටය
ගම්පෙරළිය 1963 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමාවට නගන ලදී. වෛද්‍ය රංග වික්‍රමසිංහ පැවසුවේ, එම චිත්‍රපටය අම්බලන්ගොඩ ප්‍රදේශයේ රූගත කළ අතර එය රූගත කිරීම නැරඹීමට තමන් ද එහි ගිය බවය.මේ අතර, ගම්පෙරළිය සිනමා පටය නැරඹීමෙන් පසු මාර්ටින් වික්‍රමසිංහයන් දැක්වූ අදහස් පිළිබඳව දයාපාල ජයනෙත්ති අනාවරණය කළේය.
"මුලදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මේක අධ්‍යක්ෂණය කරනව කිව්ව ම සැකයක් එතුමාට ඇති වුණා. නමුත් ගම්පෙරළිය චිත්‍රපටයට නැගුණට පස්සෙ ඒ ගැන එතුමා බෙහෙවින් සතුටු වුණා. නමුත් එතුමාගේ යම් විවේචනයක් තිබුණා, නන්දාගේ චරිතය නිරූපණය කිරීමේදී අතිශයෝක්තියකට ගියා කියන හැඟීමක් එතුමා තුළ තිබුණා."
ගම්පෙරළිය සිංහල සාහිත්‍යය තුළ ද පෙරළියක් කිරීමට සමත් විය. ඒ, අද්භූත කතාන්තර කලාව වෙනුවට යථාර්ථවාදී සිංහල කතා කලාවක් නිර්මාණය කරමිනි.......
ගුණදාස කපුගේ යනු කිසි දා මරණයට පත් වන කලාකරුවෙකු නොවේ. ඔහු අමරණීය කලාකරුවෙකි.
ඔහු අමරණීය වන්නේ, හොඳ හඬක් හිමිව තිබූ හුදු ගායකයෙකු පමණක් නිසා නොවේ. ඔහු කලාත්මක පද රචනා තෝරා බේරාගෙන ජනතාව සඳහා නිර්මාණකරණයේ නිරත වූ විශිෂ්ටයෙකු වන නිසා ය.
ඔහු ගැයූ විශිෂ්ට ගීත රැසක් මෙරට රසිකයින් වැඩි දෙනෙකු රස විඳ නැති බවට සැකයක් නැත. වාසනාවකට එම නිර්මාණ රැසක් Youtube තුළින් සොයාගත හැකි ය. අවාසනාව වන්නේ, වත්මන් පරම්පරාවේ බහුතරය එම ගීත ඇසීමට ප්‍රිය නොකිරීමත්, එම ගීතවල අර්ථය වටහා ගැනීමට තරම් බුද්ධිමත් නොවීමත් ය.
මෙම ලිපි පෙළෙහි මූලික අරමුණ ගුණදාස කපුගේ යළි කියවීමට වත්මන් පරපුරට ඇරයුම් කිරීම යි.
මෙම ලිපියෙන් අවධානය යොමු කරනුයේ, කපුගේ මහතා එක ම තනුවක් යොදා නිර්මාණය කළ ගීත තුනක් හඳුන්වා දීම යි.
ඉන් පළමු ගීතය රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචනා කරන ලද “සොඳුර නුඹ ලිහිණියක” ගීතය යි.
සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මම ද ලිහිණියෙකු වෙමි කැඩුණු තටු පිරිමදින…//
අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑළ හැර දැමූයේ කවුද
සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්න ද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය
කටුක දුක් විරහ මැද අතරමං වී ගිය ද
අපි තව ම පෙම් කරමු අපේ ජීවිතවලට
කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනක
ගායනය: විශාරද ගුණදාස කපුගේ
ගී පද: රත්න ශ්‍රී විජේසිංහ
තනුව: විශාරද ගුණදාස කපුගේ
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැළයට වසින
නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන
ගායනය: විශාරද ගුණදාස කපුගේ
ගී පද: දර්ශන මේදිස්
තනුව: විශාරද ගුණදාස කපුගේ
මෙම ගීතය දර්ශන මේදිස් කවියාගේ කඳුළු මිටියාවත කෘතියේ ඇතුළත් – උතුරින් දකුණට – පද්‍යය ආශ්‍රයෙන් නිර්මාණය කර ඇත. එම සම්පූර්ණ පද්‍යය පහත දැක්වේ.
‘උතුරින් දකුණට’ – දර්ශන මේදිස්ගේ ‘කඳුළු මිටියාවත’ කෘතිය
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන
වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින
චන්ඩ පවනක් නොවෙමු
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන
යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත-කොස්-නැදුන් වෙමු
උනට එසවිය නොහෙන
පිදුරු-පොල් අතු නොවෙමු
පැරණි ගෙට සෙවිලි වන
සබඳ අපි ගඩොලු වෙමු
අලුත් ගෙපැලක් බඳින
මේ අතර, ගුණදාස කපුගේ නිකුත් කළ අවසන් ගී සමුච්චය වූ – මිරිවැඩි සඟලක් – ගී එකතුවට අයත් වූ ඩබ්ලියු. ඒ. අබේසිංහ කවියා රචනා කළ – රාත්‍රිය මම වෙමි ය – ගීතයේ තනුව ද ඉහත තනුවට සමාන ය.
රාත්‍රිය මම වෙමි ය
සුදු සුමුදු මල් කැකුළ
පිනිබරව හෙට උදෑසන
පිපෙන මල් කැකුළ
ගනඳුරේ සැඟව ඇති
ශාන්‍තිය හා නින්ද
ඔබට පුද දී දෙනත
පියා හිඳිනෙමි සොඳුර…
මලක් වී හෙට උදේ
ඔබ පිපෙන සුබ මොහොත
කලක් සිට මම බලාගෙන
හිඳිමි පිය කැකුළ
වසන්තය සේ පැමිණ
හොරෙන් යම් කිසි දිනෙක
ඔබේ පෙති අතර පිනි
බිඳක් වී සැඟවෙමි ය…
ඔබ එළිය වූ මොහොත
මම අඳුර වෙමි සොඳුර
ඔබ ජලය වූ සඳේ
මම පවස වෙමි නිබඳ
දිග ම දිග රාත්‍රිය
සෙමෙන් පියවර මනිත
ඵලක් වී නෙත් හරින
ඒ ප්‍රභාතය ඔබය…
ගායනය: විශාරද ගුණදාස කපුගේ.
ගී පද: ඩබ්.ඒ.අබේසිංහ
තනුව: විශාරද ගුණදාස කපුගේ
මෙම ගීත ත්‍රිත්වයෙහි ම තනු නිර්මාණකරු ගුණදාස කපුගේ ම ය.
මඩොල් දූවේ යනවා නම් හොඳ බෝට්ටු කරුවෙකුගේ සහය අනිවාර්යයයෙන්ම ඕන වෙනවා. කොක්ගල ඔය ආසන්නයේ එහෙම බෝට්ටු සේවා සපයන ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් කෙනෙක් තෝරාගෙන මේ සංචාරයෙ යන්න පුළුවන් රටේ තත්වය සාමාන්‍ය වුනාම.
මිනිස්සු දිව්‍ය ලෝකය ලෙස
හඳුනාගන්නේ අහස උසට
ගොඩ නගපු කොන්ක්‍රීට්
සහ වීදුරු වලින් සැරසූ
විශාල නගර,එහෙත්
දිව්‍යලෝකය නම්
ස්වභාවික සුන්දර පරිසර පද්ධතිය
හැදුනා යම් ගති සිරිතක්
ආ දිනයේ සිට අදටත්
ඇහෙනවා උප සංස්කෘතියක්
සිසු විරුවන් කවුද නොදැන
අසරණ වුණු තරම් මැට්ටේ
අක්කලා අයියලා ඇවිදින්
කියන්න වුණා ඒ විස්තර
අපි යන්නේ කොයි පාරේ
ජනක සිසිත ගිය පාරේ
කියමින් කෑගසා පාරේ
ගියේ අපේ ගමන පාරේ
සිසු විරුවන් නිසා වෙන්ම
ලැබිලා ඇත බොහෝ දෙයක්
ඒ ලැබුණා වූ යම්දෙය
රැක ගැනීම අපේ යුතුකම
ඇඟිලි කපා ලේ වලින්නම්
ලිව්වෙ සිර මැදුරු කුටියේ
නිදහස් අධ්‍යාපනයේ
කළගුණ සැලකීම පිණිස
ජුනි දහනම වැනි දිනට
සිසුවිරු දින සැමරුම ඇත
එදිනට පමණක් නොව අප
සැමදින සිත් තිබිය යුතුය
නුඹ...
අක්කා කෙනෙක් පමණක් ම
නොව,
අම්මා කෙනෙකු ද විය ...
ඒ සෙනෙහසට...
මට යැයි කියා දෙන්නට දේකුත්
නැත...
සසර පුරා නුඹ ළගින්ම
රැදෙන්නට...
දිවුරුමක් පමණක් ඇත...
ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ ගාලු නගරයට පෙනෙන මානයේ ගිනිකොණ මුහුදු තීරයට වන්නට මෙය පිහිටා ඇත . එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූ බල කොටුවකි.පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී.
ගාල්ල ලෝක උරුම නගරයකි. වර්ග සැතපුම් 6.5 ක පමණ භූමි භාගයක් පුරා පැතිර ඇති ගාලු නගරය පුරාණයේ සිට වෙළඳ නගරයක් ලෙස ප්‍රසිද්ධ වූවකි. ගාලු වරාය පෙරදිග දියුණු වරායක් මෙන් ම වෙළඳ මධ්‍යස්ථානයක් ද විය. ක්‍රි.ව. 1505 දී අහම්බෙන් ගාලු වරායට ගොඩබට පෘතුගීසි සෙන්පති ලොරෙන්සෝ ද අල්මේදා ගේ ආගමනයත් සමග ගාල්ලේ ඉතිහාසය ඇරඹෙයි.
දිය අගලක් මත වූ උස් පහත් කළ හැකි පාලමකින් එගොඩවී ඇතුළුවීමට තිබූ ප‍්‍රධාන දොරටුව අදට ද කොටු පවුරේ දැකිය හැකයි. එකළ භාවිතා කළ දොර පියන් දෙක අදත් භාවිතයේ පවතී. එම දොරටුවේ ඇතුළු පැත්තේ ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ ලාංඡනය සටහන් කැර ඇති අතර දොරටුව ඉදිරිපස බි‍්‍රතාන්‍ය රාජකීය ලාංඡනය කොටා ඇත. බි‍්‍රතාන්‍යයන් මෙම බළකොටුව අත්පත් කරගෙන ඇත්තේ 1795 දී ගිවිසුමක් මගිනි.
පෘතුගීසි හා ලන්දේසි යුගයන්හි ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම පාලන මධ්‍යස්ථානය වූ ගාල්ල කොටුව නගරයක තිබිය යුතු සියළු ලක්ෂණයන්ගෙන් සමන්විත වී ඇත.කොටුවේ ඇති විශාලතම ගොඩනැගිල්ල ලන්දේසි බඩු ගබඩාවයි.
ගාලූ කොටුවට අලංකාරයක් වූ ඔරලෝසු කණුව ඉදිකර ඇත්තේ ප‍්‍රකට සමාජ සේවකයකු මෙන්ම ගාල්ල නගර සභාවේ ප‍්‍රථම සභිකයා වූ පීටර් ඩැනියෙල් අන්තෝනිස් මහතා සිහිවීම පිණිස 1983 දී මහජන ආධාරයෙනි.
කොටුවේ ඇති උසම ගොඩනැගිල්ල වන්නේ අමාන් ගාල්ල නැමැති හෝටලයයි. මෑතක් වනතුරුම නිව් ඔරියන්ටල් හෝටලය නමින් හැඳින්වූ එය ඉදිකරන ලද්දේ 1684 දී දැවමය මහල් 12 කින් යුතුවය. ගරා වැටෙමින් පවතින ඕලන්ද පරිපාලක ගොඩනැගිල්ලත් ඒ ආසන්නයේම ඇති ආසියාවේ පැරණිතම පුස්තකාලය ලෙස සැළකෙන කොටුව පුස්තකාලයත් තවත් සුවිශේෂී ස්ථානයන් වේ.
ගාළු කොටුවේ කෞතුකාගාර 3ක් පිහිටා තිබෙනවා.
1 ජාතික සමුද්‍ර කෞතුකාගාරය
2 සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය
3 ගාල්ල ජාතික කෞතුකාගාරය
අතීතයේ සිටම රජයේ කාර්‍යාල විශාල ප්‍රමානයක් මෙම කොටුව තුල පිහිටා තුබුනි. කාලයත් සමග සන්වර්දන කටයුතු නිසා ඒවා කොටු පවුර තුළින් ඉවත් වෙමින් පවතී.
කලකට පෙර උපත
දැක සතුටු වූ ඔබම
අද දින විපත
දැක සෝසුම් හෙළයි
දියණියගේ නිසළ දේහය
දෙස මෙලෙස
බලා සිටීමට තරම්
කෙතරම් නම් ඇස් පව් කරන්න ඇතිද?